Memorandam to the Presidential candidates by NSC

pe3

National Shoora Council Presents Memorandum to Presidential Candidates Ahead of PE 2024

The National Shoora Council (NSC), representing the Sri Lankan Muslim community, has prepared a comprehensive memorandum addressing key concerns and proposals for the upcoming Presidential Election (PE) 2024. The memorandum, aimed at ensuring the interests and needs of the Muslim community are considered, is being presented to all major presidential candidates.

As part of this initiative, the NSC commenced the handover process by presenting the memorandum to the National People’s Power (NPP) on September 10, 2024, at the NPP headquarters in Battaramulla. The document was formally accepted by Dr. Nalinda Jayathissa, former Member of Parliament and a key figure in the NPP Executive Committee.

pe4Following this, the memorandum was handed over to Dr. Wijedasa Rajapakse at his office, marking another significant step in this outreach process. On September 12, 2024, the NSC delegation also met with Samagi Jana Balawegaya (SJB) presidential candidate, Sajith Premadasa, at his office, where he personally received the document.

The NSC remains committed to engaging with all major candidates including President Hon.Ranil Wickramasinghe,Hon.Namal Rajapaksha,Hon.Dilith Jayaweera and others and is awaiting appointments to hand over the memorandum to them.The council expects to complete this process in the coming days, ensuring that the Muslim community’s voice is heard in the lead-up to the PE 2024.

NSC also taken steps to submit this memorandum to other candidates

This initiative by the NSC underscores the importance of community representation in the national political discourse, reflecting the council’s dedication to safeguarding the rights and interests of the Muslim community in Sri Lanka and all other citizens as well.

 

pe1

ජාතික ෂූරා සභාවෙන් ජනාධිපති අපේක්ෂකයන්ට සන්දේශයක්

ජාතික මට්ටමේ ක්‍රියාකරන මුස්ලිම් සිවිල් සංවිධාන එකතුවක් වන ජාතික ෂූරා සභාව ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් හමුවී සන්දේශයක් බාර දීමට කටයුතු කර ඇත.

  1. ඉකුත් 12 වෙනි බදාදා ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ජාතික ෂූරා සභාව කටයුතු කළේය.එහිදී ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවී ජාතික ෂූරා සභාවේ කරුණු විසි හතකින් යුක්ත සංදේශය භාරදුන්නේය. එම අවස්ථාවට ෂූරා සභාවේ හිටපු සභාපති නීතිඥ ටී.කේ අසූර් මහතා, උපසභාපති එම්. එච්.එම්. හසන් මහතා, දේශපාලන අනුකමිටුවේ සභාපති ෂාම් නවාස් මහතා සහ විධායක සභික නුහ්මාන් මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගි විය. ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ගේ සහයෝගයෙන් ජනාධිපති වීම තම පක්ෂ අපේක්ෂකයාගේ කැමැත්තක් බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පැවසීය.
  2. එදිනම ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා හමුවී සංදේශ පිටපතක් භාර දී සුහද සාකච්ඡාවක නිරත වීමට ජාතික ෂූරා සභාවට හැකි විය.
  3. දොළොස් වෙනිදා වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 පමණ සමගි ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සංදේශය භාරදෙනු ලැබිණි.

pe3ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික හා සමාජයීය ප්‍රශ්න සම්බන්ධයෙන් සිදු විය යුතු වෙනස්කම් හ මුස්ලිම් ප්‍රජාවේ ගැටලු සම්බන්ධ කරුණු විසි හතකින් යුත් සන්දේශයේ පිටපතක් භාරදීමේ මෙම අවස්ථාවට ජාතික සූරා සභාවේ උපසභාපති එම්.එච්.එම්.හසන් මහතා, ජාතික ෂූරා සභාවේ මහ ලේකම් නීතිඥ රෂීඩ් ඒම්. ඉමිතියාස් මහතා, දේශපාලන අනුකමිටුවේ සභාපති ෂාම් නවාස් මහතා, විධායක සභික ෆාහිම් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය .

එම සංදේශයේ අඩංගු මුස්ලිම් ප්‍රජාවට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් දැනටමත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටතදී තමා මැදිහත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතා කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය. විශේෂයෙන් කොරෝනා උවදුරින් මරණයට පත්වූ මුස්ලිම් මෘත දේහ ආදාහන කිරීමට විරුද්ධව වීදි බැස සටන් කළ එකම දේශපාලන නායකයා තමා බවත් මුස්ලිම්වරුන් ගේ ගැටළු සම්බන්ධයෙන් නිතරම මැදිහත්වීම් කර ඇති බවත් එතුමා තව දුරටත් සඳහන් කළේය.

වෛද්‍ය රූමි මහතා මෙම හමුවේ සංවිධාන කටයුතු කළේය. මෙම හමුව කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි සමගි ජනබල වේගය කාර්යාලයේදී සිදුවිය.

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,ගරු නාමල් රාජපක්ෂ,ගරු දිලිත් ජයවීර ඇතුළු අනෙකුත් අපේක්ෂකයින් වෙත මෙම සංදේශය ඉදිරිපත් කිරීමට ජාතික ෂූරා සභාව විසින් පියවර ගන්නා ලදී.

Scroll to Top