ජාතික ෂූරා සභාවෙන් ජනාධිපති අපේක්ෂකයන්ට සන්දේශයක්

pe4

විශ්වාසයෙන් ඔබ වෙත පවරනු ලැබූ වගකීම එහි අයිති උදවියට ඉටුකරන මෙන් ද; ඹබලා ජනයා අතර විනිශ්චය කරන විට සාධාරණව තීන්දු දෙන මෙන් ද සැබැවින් ම අල්ලාහ් ඹබලාට අණ කරන්නේය. සැබැවින් ම අල්ලාහ් ඹබලාට දෙන උපදෙස් කෙතරම් යහපත් වී ද? සැබැවින් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය, සර්ව සුපරික්ෂාකාරී ය.

(ශද්ධ වු අල්-කුර්ආනය 04: 58)

 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය

ජාතික  මට්ටමින් ක්‍රියාත්මක වන මුස්ලිම් උගතුන්, බුද්ධිමතුන් සහ කීර්තිමත් පුද්ගලයන්ගේ  සාමාජිකත්වයෙන් යුත් මුස්ලිම් සිවිල් සමාජ සංවිධාන කිහිපයක සන්ධානයක් වන ජාතික ශූරා සභාව ශ්‍රී ලංකා මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පහත සඳහන් සංදේශය 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපති වරනයේ තරඟ කරන ගෞරවනීය අපේක්ෂකයින් වෙත ඉදිරිපත් කරයි.

01. ජනාධිපතිවරණයෙන් පසු නොපමාව මහ මැතිවරණය, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු ය:

හැකි පමණ කෙටි කාලසීමාවක් තුළ මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයා සහතික විය යුතු ය.

2024 සැප්තැම්බර් 21 වන දින ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඉහත සඳහන් සියලු මැතිවරණ වසරක කාලයක් ඇතුළත (2024-2025) පැවැත්විය යුතු ය.

02. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම:

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත්, ද්විමණ්ඩල පාර්ලිමේන්තු ව්‍යූහයක් පිහිටුවිය යුතුයයි අපි යෝජනා කරමු. පහළ මන්ත්‍රණ සභාව (LC) පාර්ලිමේන්තුවේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන්) සමන්විත වන අතර, ඉහළ මන්ත්‍රණ සභාව (UC) සියලු ප්‍රජාවන්ගෙන් සමාන සංඛ්‍යාවකින් පත් කරන ලද නියෝජිතයන් විසින් පිහිටුවිය යුතුය .. ඉහළ මන්ත්‍රණ සභාව විසින් යම් පනත් සහ රෙගුලාසි සම්මත කිරීමට පෙර සියලුම ප්‍රජාවන්ගේ අවශ්‍යතා සලකා බලා ඒවා ආමන්ත්‍රණය කිරීම මෙමගින් සහතික කෙරේ.

pe203. තේරී පත්වීමෙන් පසු පළමු වසර 2, නීතියේ ආධිපත්‍යය කඩිනමින් ස්ථාපිත කිරීමටත්, ප්‍රධාන ආහාරවලින් ස්වයංපෝෂිත වීමටත්, අපනයනය ප්‍රවර්ධනය කිරීමටත්, කඩිනම් ආර්ථික ප්‍රකෘතිමත්භාවය සඳහාත් ප්‍රතිපත්ති හා කාර්යක්ෂම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සහ රජය කැපවිය යුතු ය.

තේරී පත් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලයෙහි පළමු වසර දෙක ශ්‍රී ලංකාව පහත සඳහන් කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ එතුමා නියෝජනය කරන රජය විසින් මුළුමනින් ම පාහේ කැප කළ යුතු ය:-

       i. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර අවශ්‍යතා සියල්ල ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීමෙන් ස්වයංපෝෂිත වීම,

      ii. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන සහ අර්ධ කාර්මික නිෂ්පාදන (දේශීය සහ අගය එකතු කළ) අපනයනය (30%) කින් වැඩි වනු ඇති අතර, අපනයනය කර මාස තුනක් ඇතුළත විදේශ විනිමය ලැබීමෙන් පසු අපනයනකරුවන්ට දිරි දීමනා ලබා දීම.

    iii.          බංකොලොත්භාවය හරහා දැනටමත් මහජනතාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා කාර්තුමය පදනමින් අවම කිරීම සහ එහි පීඩාකාරී ප්‍රතිවිපාකවලට හසු වීමෙන් රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම.

04. ජාතික සමගිය, සාමය සහ සංහිඳියාවට ප්‍රමුඛත්වය දිය යුතු ය:

ධුර කාලයේ පළමු වසර 2 තුළ, ශ්‍රී ලාංකිකයන් යන හැඟීමෙන් සියලුම පුරවැසියන් එක්සත් කිරීම උදෙසා ක්‍රියාත්මක විය යුතු අතර, ශ්‍රී ලාංකිකයන් වාර්ගික-ආගමික පදනමින් බෙදා වෙන් කිරීමට ගන්නා බාහිර හා අභ්‍යන්තර උත්සාහයන් සහ අභියෝග පරාජය කරමින්, සියලු පුරවැසියන්ගේ ආගම හා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ අයිතිවාසිකම් සහ අනෙකුත් සියලුම අයිතිවාසිකම් තහවුරු කළ යුතු ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 16(i) යටතේ සහතික කර ඇති අයිතිවාසිකම් සහ එමගින් ශ්‍රී ලංකාව තුළ සාමය, සමගිය සහ ආර්ථික සංවර්ධනය සහතික කිරීම.

සියලුම පෞද්ගලික නීති, භෞමික නීති සහ චාරිත්‍රානුකූල නීති ඒවා අයත් වන සාපේක්ෂතාවාදී සංස්කෘතිකවාදයට අනුකූලව සංරක්ෂණය කර සංවර්ධනය කළ යුතු ය.

 05. පුළුල් සහ නව්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පද්ධතිය

නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සහ නව ක්‍රමවේද සකස් කිරීම තුළින් රට ගොඩනැඟීමට දායක වීම සදහා බිම් මට්ටමේ සිට පුරවැසියන් ජවසම්පන්න වන පරිදි සියලු පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පවතින අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීම.

06. බලය අවභාවිත කිරීම, වෛරී ප්‍රකාශ, වෙනස් කොට සැලකීමේ ක්‍රියා, හිරිහැර, අල්ලස්, දූෂණ, වධහිංසා, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් සහ අත්තනෝමතික දඬුවම් ඉවත් කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු ය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ බහු වාර්ගික සංයුතිය ශක්තිමත් කිරීම මගින් ඉහත සඳහන් කළ සහ ඒ හා සමාන වෙනත් කාරණා සම්බන්ධයෙන් ද වින්දිතයින් සඳහා රජය ප්‍රශස්ත වශයෙන් සහන සැලසිය යුතු ය.

අධිකරණයේ නියමිත ක්‍රියාවලියට උපකාර කිරීම සඳහා හැකිතාක් ප්‍රායෝගිකව විමධ්‍යගත පරිපාලනය සමඟ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමි සභාවේ බලතල පුළුල් කළ යුතු ය.

ජනවාර්ගික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ දී සියලු ප්‍රජාවන්ගේ මත පිළිගෙන ජාතික මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ය.

 07. රාජ්‍ය සම්පත් අවභාවිතය:

පසුගිය කාලයේ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් පැහැරගන්නා ලද එම සම්පත් නැවත අයකර ගැනීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව සුදුසු නීතිමය හා දණ්ඩනමය ක්‍රියාමාර්ග ගත යුතු ය.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය සම්පත් සහ පොදු දේපළ අවභාවිතය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව විමර්ශන පවත්වා වගකිවයුත්තන්ගේ තරාතිරම හෝ තත්ත්වය නොබලා පියවර ගත යුතු ය.

 08. විදේශ සබඳතා, සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම:

ශ්‍රී ලංකාව තුළ ජාතික මෙන් ම වාර්ගික ආරක්ෂාවට තර්ජනයක් වන සංචාරක ව්‍යාපාරය සහ වෙළෙඳාම යන මුවාවෙන් ඇතැම් විදේශිකයන් රට තුළට ඇතුළුවීම හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු අතර, මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද එම තර්ජනවලට සාර්ථකව මුහුණදීම සඳහා එවැනි අවස්ථා පිළිබඳව නිසි හා විනිවිදභාවයෙන් යුත් විමර්ශන පැවැත්වීම මගින් ඒවා වැළැක්වීමේ යාන්ත්‍රණයක් ද සකස් කළ යුතු ය.

ලාංකික පුරවැසියන් විසින් අනුගමනය කරනු ලබන විවිධ සංස්කෘතීන්ට සහ ආගමික විශ්වාසයන්ට ගරු කරමින්, ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ලෝකයේ සෑම ප්‍රදේශයකින් ම අවදානම් නොවන හවුල්කරුවන් සමඟ වෙළෙඳාම සහ සංචාරක ප්‍රවර්ධනය සඳහා ප්‍රතිපත්ති සහ වැඩසටහන් ආරම්භ කළ යුතු ය.

එසේ ම, සමානාත්මතාවය සහ තිරසර සංවර්ධනය වැඩිදියුණු කිරීම සඳහා අපගේ විදේශ සබඳතා, සංචාරක ව්‍යාපාර සහ වෙළඳාම යනාදිය ප්‍රවර්ධනය කළ යුතු ය. සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් අනුගමනය කරනු ලබන විවිධ සංස්කෘතීන්ට සහ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් රටේ පසුබෑමකට ලක්ව ඇති ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා මාර්ග සහ ප්‍රවාහන අංශය ඇතුළු නිසි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කළ යුතු ය.

ජාතික ආරක්ෂාවට අවදානමක් එල්ල නොවන පරිදි මැදපෙරදිග රටවලින් ගලා එන විදේශ මුදල්  වර්ධනය කරගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා නිසි සැලැස්මක් සහ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු ය.

මැදපෙරදිග රටවල හටගනිමින් තිබෙන නොසන්සුන්තාවය හමුවේ එම කලාපයේ යුද්ධය උත්සන්න වීමේ තත්ත්වයක් මතු වී තිබීම හේතුවෙන්, මැදපෙරදිග සිටින මිලියන දෙකකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රම බලකායකට ඔවුන්ගේ රැකියාවෙහි ස්ථාවරභාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇත. ඩොලර් මිලියන 6,000 කට ආසන්න මුදලක් එයින් ලැබෙන විදේශ මුදල් ප්‍රේෂණ කෙරෙහි ද බලපානු ඇත. 2020 දී COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රම බලකායෙන් බහුතරයක් නොවැළැක්විය හැකි ලෙස ආපසු මෙරටට පැමිණීමට සිදු වූ අවස්ථාවෙහි ද එවැනි ම අසීරු තත්ත්වයක් අත්විඳින ලදී. එමගින් මේ රට බංකොලොත් වීමේ අවදානමක් ද තිබේ.

09. පැමිණිලි කිරීමේ අයිතිය සහ පිළියම් සෙවීමේ අයිතිය:

ශ්‍රී ලංකාව තුළ, මහජනතාව  මුහුණ දෙමින් සිටින දුක්ගැනවිලි විසඳීම සහ ඒවා සදහා සුදුසු විසඳුම් ක්‍රියාමාර්ග ලබාදෙන නව නීති සම්පාදනය කිරීම හරහා පැමිණිලි කිරීමේ අයිතිය සහ පිළියම් සෙවීමේ අයිතිය ස්ථාපිත කළ යුතු ය. මෙම නීතිය මගින් පැමිණිලි විසඳීමට සහ පීඩාවට පත් පුද්ගලයන්ට යුක්තිය තහවුරු කිරීමට පැහැදිලි රාමුවක් සකසා දීමෙන් විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කළ යුතු ය.

මෙම ක්‍රියාවලිය වඩාත් ඵලදායි කර ගැනීම සඳහා රජයේ දෙපාර්තමේන්තු සහ පෞද්ගලික අංශ තුළ පවතින ගැටලු හඳුනාගෙන ඒවා සදහා අවශ්‍ය විසඳුම් ලබාදීමට කැප වූ අමාත්‍යාංශයක් පිහිටුවිය යුතු අතර ඵලදායි විසඳුම් සහතික කිරීම සදහා විනිවිදභාවයෙන් යුතුව අදාළ පැමිණිලි සටහන් කිරීමට ද ඒවා සඳහා අවශ්‍ය පිළියම් ලබාදීම සඳහා ද විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු ය.

pe310. මානව හිමිකම් සහ වෙනස් කොට සැලැකීමට එරෙහි පියවර:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) වෙනස් කොට සැලකීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සහ අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත යටතේ අපයෝජන වැළැක්වීම සහ වින්දිතයන් විපතට පත් වීම සඳහා ආරක්ෂක පියවර හඳුන්වා දීම යනාදිය ක්‍රියාත්මක කළ යුතු හදිසි පියවර වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ වෙනස් කොට සැලකීම් ආදී මානව විරෝධී ක්‍රියාමාර්ග වඩාත් අසීරු නීති රීති මගින් ප්‍රතිස්ථාපනය නොකොට සිවිල් නිදහස ආරක්ෂා කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය. මානවයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වෙනස් කොට සැලකීමකින් තොරව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එමෙන් ම, ඩිජිටල් අවකාශයන්හි අපයෝජන වැළැක්වීම සහ වින්දිතයන් විපතට පත් වීම සඳහා මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත යටතේ ආරක්ෂිත පියවර හඳුන්වාදීම ඉතා වැදගත් වේ.

 11. COVID-19 හේතුවෙන් මරණයට පත්වීමෙන් ආදාහනය කරන ලද වින්දිතයන් සඳහා වන්දි ගෙවීම සහ යුක්තිය තහවුරු කිරීම:

එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කර වැරදිකරුවන් සොයා නීතිය හමුවට පමුණුවා වින්දිතයින්ට සාධාරණ වන්දියක් ලබාදීම හා යුක්තිය තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතුව කරුණු සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළ යුතු ය. එසේ ම වෙනස් කොට සැලකීමේ අවස්ථා නැවත සිදු නොවන බවට ද සහතික  විය යුතු ය.

12. පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන කොමිසමක් පත් කිරීම:

පසුගිය ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණවලින් සාධාරණත්වය සහ යුක්තිය ඉටු නොවූ බැවින්, සියලුම වාර්ගික-ආගමික කණ්ඩායම් නියෝජනය කරන සමාන සාමාජිකයින් සංඛ්‍යාවකින් සමන්විත නව කොමිෂන් සභාවක් පත් කළ යුතු ය.

     i. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව ස්වාධීන හා විනිවිදභාවයෙන් යුතුව විමර්ශනයක් ආරම්භ කිරීම සහ සැබෑ ‘මහමොළකරු’ හඳුනා ගැනීම සඳහා ද; එම ප්‍රහාර පිළිබඳව එවක රජයට විශ්වාසදායක සහ නිවැරදි තොරතුරු ලැබීමෙන් අනතුරුව ද එම ප්‍රහාර වැළැක්වීමට පියවර ගැනීමට අපොහොසත් වූයේ ඇයි ද යන්න හඳුනා ගැනීම සඳහා ද කටයුතු කිරීම.

      ii. සියලුම ප්‍රජාවන්ට අයත් වින්දිතයින්ට සහ මානව හිමිකම් කඩ වූ සියලුම පුද්ගලයින්ට සාධාරණ වන්දියක් ලබා ගැනීම සඳහා ද; යුක්තිය තහවුරු කිරීම සඳහා ද කටයුතු කිරීම.

    iii. පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵලය වූයේ පාස්කු ප්‍රහාරයේ දී සිදු වූ වැරදිවලට සෘජුව හෝ වක්‍රව බලපෑම් කළ පුද්ගලයන් හෝ ආයතන ඉලක්ක කර හිරිහැර කිරීම ද? යන්න පිළිබඳව තීරණය කිරීම.

    iv. හැකි පමණ කෙටි කාලසීමාවක් තුළ රැඳවුම්කරුවන්හට එරෙහි පරීක්ෂණ කඩිනම් කර සැමට යුක්තිය ඉටු කිරීම.

      v. වැරදිකරුවන් හඳුනා ගැනීම සහ නීතිමය ක්‍රියා පටිපාටි හරහා දණ්ඩනීය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම.

13. පසුගිය සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීම:

i. අලුත්ගම, දිගන, ගිංතොට, අම්පාර, මිනුවන්ගොඩ සහ කුරුණෑගල වැනි ප්‍රදේශවල සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩකාරී සිදුවිම් පිළිබඳ විමර්ශනයක් පැවැත්වීම සඳහා වෙන ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, එමගින් වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීම සහ සුදුසු වන්දි ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම.

ii. රටේ උතුරු-නැගෙනහිර ඇතුළුව අනෙකුත් ප්‍රදේශවල මතු වූ විවිධ නැගිටීම් සහ බෙදුම්වාදී යුද්ධවල දී (1970 සිට) ඝාතනයට ලක් වූ, බලහත්කාරයෙන් අවතැන් වූ සහ ගොදුරු වූ වින්දිතයින්ට යුක්තිය සහතික කිරීම.

14. ආගමික ආයතන පරිපාලනය කිරීම:

සියලුම ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳව කටයුතු කිරීම සඳහා එම සමාජයන් නියෝජනය කරන අමාත්‍යවරු පත්කළ යුතු අතර රජයේ ආධිපත්‍යය යටතට පත්වන එම ආගමික හා සංස්කෘතික කටයුතු ඔවුන් වෙත ම පැවැරිය යුතු ය.

15. මුස්ලිම් පෞද්ගලික නීතිය

MMDA මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සහ මුස්ලිම් පල්ලි හා පුණ්‍යායතන (වක්ෆ්) පනත.

උක්ත සඳහන් පනත ඇතුළුව ඒ හා සම්බන්ධ අනෙකුත් පනත් මුස්ලිම් ප්‍රජාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සුදුසු පරිදි සංශෝධනය කර ඉස්ලාමීය ආඥාවන්ට අනුව යුක්තිය සහතික කිරීම සඳහා ශක්තිමත් කළ යුතු ය.

i. ක්වාසි අධිකරණ ප්‍රමිතීන්:

ක්වාසි විනිසුරුවරුන් අතිරේක මහේස්ත්‍රාත්වරුන් ලෙස උසස් කළ යුතු අතර එම අධිකරණයට ලබාදී ඇති පහසුකම් වැඩිදියුණු කළ යුතු ය – නඩත්තු කිරීම, නිසි පාලනය, දීමනා යනාදිය බලගැන්වීමට මෙය උපකාරී වනු ඇති අතර සේවාවන් ලබා දීමෙහි සිදුවන ප්‍රමාදයන් සහ දූෂණය පිටුදැකීමට ද මෙය උපකාරී වනු ඇත.

ii. වක්ෆ් පනත සංශෝධනය:

අතීතයට බලපාන අයුරින් ක්‍රියාත්මක කළ යුතු වක්ෆ් දේපළ (රාජ්‍ය ඉඩම් ආඥා පනතෙහි මෙන්) කෙරෙහි නියෝගයන් බලාත්මක නොකළ යුතු ය.

iii. ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම්:

විශේෂිත ව්‍යවස්ථාදායක ආකෘතියකින් ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සියලුම දේ ආරක්ෂා කිරීම සඳහා ව්‍යවස්ථාමය පියවර සියල්ල සහතික කිරීම (උදා: ඇඳුම් පැළඳුම් සහ රැවුල වැවීම ආදිය) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 (i) වගන්තිය බලන්න).

16. යටිතල පහසුකම් සංවර්ධනය:

ශ්‍රී ලංකාව පුරා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන පළාත් පාලන අයවැය සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කළ යුතු ය. ගෘහස්ථ හා කෘෂිකාර්මික භාවිතය සඳහා සාධාරණ හා ස්ථාවර ජල සැපයුමක් සහතික කළ යුතු ය. රට පුරා සෑම නගරයක ම සනීපාරක්ෂක හා ජලාපවහන පද්ධති සකස් කළ යුතු ය. සියලුම ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් ලෙස පස පෙරළීමේ විශාල උපකරණ සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයීම අනිවාර්ය වේ. කෘෂිකාර්මික නිෂ්පාදන මහා පරිමාණයෙන් බලගැන්වීම සහ නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණ, වැඩමුළු සහ පුහුණු මධ්‍යස්ථානවලින් සමන්විත සමුපකාර සමිති පිහිටුවිය යුතු ය.

 17. සියලුම ප්‍රජාවන්ගේ සෞඛ්‍යය සහ සුභසාධනය තහවුරු කිරීම:

සියලුම ප්‍රජාවන්ගේ සෞඛ්‍ය අයිතීන් සහ සුභසාධනය යනාදිය නිසි යාන්ත්‍රණයක් මගින් වැඩිදියුණු කළ යුතු ය. සෞඛ්‍ය විෂමතා අවම කිරීම සහ ප්‍රජා සෞඛ්‍යය ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා පහසු ප්‍රවේශය ශ්‍රී ලංකාවේ අනිවාර්ය සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්තියෙහි කොටසක් විය යුතු ය.

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් මෙහි දී ප්‍රමුඛතාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපි යෝජනා කර සිටිමු.

18. යුනානි වෛද්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීම:

i.  යුනානි වෛද්‍ය නිලධාරීන්ගේ පත්වීම් ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සහ යුනානි දෙපාර්තමේන්තුවල ප්‍රමිතීන් පීඨ මට්ටම දක්වා උසස් කිරීම මගින් යුනානි වෛද්‍ය ක්‍රමය වැඩිදියුණු කිරීම. ආයුර්වේද කමිටු සභාව සහ මණ්ඩලවල යුනානි උපාධිධාරීන්ගේ ප්‍රමාණවත් නියෝජනයක් සහතික කිරීම.

ii. යුනානි උපදේශකයින් සඳහා තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම, යුනානි රෝහල් සහ අධ්‍යයන ඒකක සංඛ්‍යාව පුළුල් කිරීම සහ සෑම රෝහල් වාට්ටුවකට ම අවම වශයෙන් ඇඳන් 20 ක් වත් ඇති බව සහතික කිරීම.

19. ඉඩම් ගැටලු:

i. උතුරු-නැගෙනහිර සහ දිවයිනේ අනෙකුත් සියලුම ප්‍රදේශවල අහිමි වූ ඉඩම්: බලහත්කාරයෙන් පවරාගත් සියලුම ඉඩම් සහ දේපළ නීත්‍යනුකූල හිමිකරුවන්ට නැවත ලබා දිය යුතු ය. ඉඩම් ගැටලු විමර්ශනය කිරීම සඳහා ප්‍රාදේශීය කොමිෂන් සභා කඩිනමින් පත් කරන ලෙස ද අපි යෝජනා කර සිටිමු.

ii. කෝරළයි පට්රු මධ්‍යම ඉඩම: කෝරළයි පට්රු බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බෙදා දුන් ඉඩම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2000 වසරේ පන්නම්පලාන කොමිෂන් සභාවේ නිර්දේශය මත කෝරළයි පට්රු මධ්‍යම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වෙන් කරන ලද නිර්ණය සීමාව සමඟ නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලාත්මක කිරීම.

iii. නුරච්චෝලේ සුනාමි නිවාස ව්‍යාපෘතිය: ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණ අනුව නුරච්චෝලේ සුනාමි නිවාස ව්‍යාපෘතියේ නිවාස කඩිනමින් බෙදාහැරීම.

iv. තෝප්පූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය: දැනට පවතින උප කොට්ඨාශ කාර්යාලය වෙනුවට 1994 දී ගැසට් කරන ලද පරිදි තෝප්පූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ක්‍රියාත්මක කිරීම සක්‍රීය කිරීම සහ තෝප්පූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා වෙන ම ආයතනයක් පිහිටුවීමට අනුග්‍රහය දැක්වීම.

v.  කල්මුණේ දෙමළ උපප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය: නිල ප්‍රකාශයකින් තොරව LTTE පාලනය යටතේ 1989 දී කල්මුණේ දී පිහිටුවන ලද අනවසර කල්මුණේ දෙමළ උපප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය විසුරුවා හැරිය යුතු ය. මෙම උපකොට්ඨාශය අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස පිහිටුවා ඇති අතර, එය සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් දක්වා උසස් කරන ලෙස ඉල්ලා සිටිමු. එමගින් කල්මුණේ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට අසාධාරණ ලෙස සිය ඉඩම් අහිමි වීම සිදු නොවනු ඇත.

vi. කල්මුණේ ප්‍රධාන නගරයේ ඉඩම් බලපත්‍රලාභීන්ට ඔප්පු නිකුත් කිරීම: උරුමය වැඩසටහන යටතේ කල්මුණේ නගරයේ ඉඩම් ඔප්පු එහි බලපත්‍රලාභීන් වෙත කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතු ය.

20. පරිසරය සම්බන්ධ ගැටලු:

i. දිවයින පුරා මුහුදු ඛාදනය:

ඔළුවිල් වරාය ප්‍රදේශය, උණවටුන, වාද්දුව, පොල්හේන  ඇතුළුව අම්පාර දිස්ත්‍රික්කයට විශේෂ අවධානයක් යොමු කරමින් ඵලදායී ප්‍රතිකර්ම ක්‍රියාවලියක් මගින් දිවයිනේ වෙරළ තීරය පුරා සිදුවන මුහුදු ඛාදනය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.

ii. නැවත වන වගාව සහ වෘක්ෂලතා සංරක්ෂණය:

වන ආවරණ ව්‍යාප්තිය වැඩි කිරීම සඳහා නැවුම් වෘක්ෂලතා සහ හරිත කලාපයන් පිහිටුවීමට සහ ධනාත්මක කාබන් අගයක් ලබා ගැනීමේ අරමුණින් (නැවත වන වගාව හරහා) කාබන් විමෝචනය ශුන්‍ය වීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගැනීම.

21. නිශ්චිත නීති සහ සංස්කෘතික අයිතිවාසිකම්:

ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදායන් නියාමනය කිරීම සහ ස්ථාපිත නීති පිළිපැදීම සහතික කිරීම සඳහා පැහැදිලි ව්‍යවස්ථාපිත විධිවිධාන පැනවිය යුතු ය. මෙම නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන් හෝ ආයතනවලට එරෙහිව නීතිය හා සාමය පවත්වා ගැනීමට සහ සැමට යුක්තිය තහවුරු කිරීම සදහා  දැඩි දඬුවම් හෝ සුදුසු සම්බාධක ක්‍රියාත්මක කළ යුතු ය. මෙම රෙගුලාසිය එවැනි කරුණු නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16(1) වගන්තියට අනුකූල විය යුතු ය.

22. පරිපාලන ගැටලු:

i.  දිස්ත්‍රික් ලේකම් පත්වීම්:

සමාජීය අවශ්‍යතා සහ සුභසාධනවලට හානියක් නොවන බව සහතික කරමින් සාධාරණ හා අපක්ෂපාතී ප්‍රතිපත්ති මත පදනම් ව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන් පත් කළ යුතු ය. සුළු ජාතීන් ඇතුළු විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන් සලකා බලා, එහි සමබර නියෝජනයක් සැපයිය යුතු ය. මෙම ප්‍රවේශයේ දී සිංගප්පූරු සමානාත්මතා අයිතිවාසිකම් පනත් කෙටුම්පත්වලට සමාන මූලධර්ම අනුගමනය කළ යුතු ය.

ii. සමානුපාතික පත්වීම්:

සමානාත්මතාවය සහ සමාජ සාධාරණත්වය යන මූලධර්මය යටතේ සමාජයේ විවිධත්වය පිළිබිඹු කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් (පොලිසිය), අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් වැනි ප්‍රධාන තනතුරුවල දී වාර්ගික සමානුපාතික අනුපාතය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම.

iii. වෙනස් කොට සැලකීමේ පත්වීම් ඉවත් කිරීම:

ශ්‍රී ලංකාව තුළ අපක්ෂපාතීව සහ කුසලතා මත පදනම් ව පමණක් ලබා දිය යුතු ජ්‍යේෂ්ඨ පරිපාලන තනතුරු, වෙනස් කොට සැලකීමේ පදනම මත ප්‍රතික්ෂේප කරනු ලැබේ.

iv. සේවා ස්ථානවල ආගමික චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කිරීම:

පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව ඇතුළු සේවා ස්ථානවල මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ආගමික වගකීම් ඉටු කිරීමට අයිතියක් ඇති බවටත්, එය සඳහා නිසි පහසුකම් සැලසීමටත් අවශ්‍ය පියවර ගැනීම.

23. සුළුතර ප්‍රජාවන්ගේ ආරක්ෂාව සදහා වූ යාන්ත්‍රණය:

i. ප්‍රජා පොලිස් පද්ධතිය:

සෑම පොලිස් කොට්ඨාශයකට ම අදාළ ජනවාර්ගික අනුපාත පිළිබිඹු කරන සහ සුළුතර ප්‍රජාවන්ට සාධාරණ සැලකීම සහතික කරන ප්‍රජා පොලිස් පද්ධතියක් ස්ථාපිත කළ යුතු ය. සියලුම දිස්ත්‍රික්ක සඳහා වෙන වෙනම ප්‍රාදේශීය ජනවර්ග මත සමානුපාතික පත්කිරීම් සහිත ප්‍රජා පොලිස් ක්‍රමයක් සකස් කළ යුතු ය.

ii. ප්‍රාදේශීය පොලිස් පද්ධතිය:

වාර්ගික නියෝජනය සමතුලිත කරන සහ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයේ බලධාරීන් සහ ප්‍රජාවන් අතර විශ්වාසය වැඩි දියුණු කරන ප්‍රාදේශීය පොලිස් පද්ධතියක් බවට පරිවර්තනය කළ යුතු ය.

iii. අවශ්‍ය නීති පැනවීම:

නීතියේ කිසිදු හිඩැසක් නොමැතිව සියලු ප්‍රජාවන් සහ කාරණාවලට අදාළ ප්‍රශ්න ප්‍රශස්තව විසඳිය හැකි වන පරිදි පුළුල් නීති පද්ධතියකින් ව්‍යවස්ථාපිත අඩුපාඩු පිරවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු ය.

24. මැතිවරණ නිර්ණායක:

විනිවිදභාවය සහතික කිරීම සඳහා පාර්ලිමේන්තු, පළාත්සභා සහ පළාත් පාලන මට්ටමින් මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයින් සඳහා පැහැදිලි, සාධාරණ සහ අපක්ෂපාතී නිර්ණායක සකස් කළ යුතු ය. උදාහරණයක් ලෙස සංවර්ධිත රටවල මෙන් අවම අධ්‍යාපන සුදුසුකම්, යහපත් චරිතය, කාර්ය සාධනය සහතික කිරීම මෙයට ඇතුළත් වේ.

25. පළාත් පාලන, පළාත් සභාව සහ පාර්ලිමේන්තුව තුළ සාධාරණ නියෝජනය:

සමාජ සුභසාධනය සහ ජන විකාශනය නිවැරදිව පිළිබිඹු කිරීම සඳහා පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තුව තුළ ප්‍රමාණවත් සහ සමානුපාතික නියෝජනයක් සහතික කිරීම. සීමා නිර්ණය, සීමාංකනය සහ පක්ෂග්‍රාහීව සීමාවන් වෙනස් කිරීම සම්බන්ධ ගැටලු විවාදයට ලක් කිරීම සහ මහ මැතිවරණයේ දී අවම වශයෙන් 05% නියෝජනය සහතික කිරීම. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සලකා බලා ශ්‍රී ලංකාව පුරා සිටින සියලුම ප්‍රජාවන් සඳහා සාධාරණ ග්‍රාම නිලධාරී (GN) වසම් සංඛ්‍යාවක් සහතික කිරීම සඳහා පළාත් පාලන ආයතන සඳහා වන සංශෝධන නැවත සංශෝධනය කිරීම.

26. මාධ්‍යසග සදාචාරය උල්ලංඝනය කිරීම සහ වර්ගවාදය:

සමතුලිත වාර්තාකරණය ප්‍රවර්ධනය කරමින් මාධ්‍ය සදාචාරය උල්ලංඝනයට එරෙහිව සටන් කිරීමට සහ වර්ගවාදය මුලිනුපුටා දැමීමට පද්ධති සක්‍රීය කිරීම.

 27. පර්යේෂණ ක්‍රමවේද මත පදනම්ව ගැටලු හඳුනා ගැනීම:

සියලුම ගැටලු සහ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විසඳිය යුත්තේ අදාළ සියලුම පාර්ශ්වකරුවන් ඇතුළත් විද්‍යාත්මකව අධ්‍යක්ෂණය කරන ලද පර්යේෂණ මත පදනම් වූ යාන්ත්‍රණයන් මගිනි.

Scroll to Top