• NSC Events
    NSC Events

    Media Brainstorming Session held on 07/06/2018 in Colombo

  • Regional visit
    Regional visit

    Visit to Thihariya on Promoting Concept of Shoora 

  • Drug Eradication
    Drug Eradication

    Drug Eradication Consultation with Professionals followed by the formation of Drug Eradication Task Team on 05/05/2018

  • Regional Visit - Badulla
    Regional Visit - Badulla

    NSC Regional Visti to Badulla 04th of May 2018

 

අප අපගේ 72 වන නිදහස් දිනය සමරන්නේ අපගේ නිදහසට අභියෝගයක් එල්ලවන මොහොතකය. අප කලක් යටත් විජිතයක් බවට පත්ව සිටි අතර ඒමඟින් අපගේ ජාතික වටිනාකම් විනාශ කොට පස් සියවසක් පුරා අපගේ ඉතිහාසය විසන්ධි කර දමන්නට විය.

අපගේ මුතුන් මිත්තන් සිය අරගල මඟින් යටත්විජිතවාදයෙහි වියගස මුලින් උපුටා දමා සෘජු යටත් විජිත පාලනයෙන් අප ගලවා ගත් නමුදු යටත් විජිතවාදීන් විසින් අප තුළ රෝපණය කරන ලද දේශපාලනික බෙදුම්වාදය සහ තනි කණ්ඩායම් ප්‍රජාවන් ලෙස සිතීම ආදී සංකල්පයන්හි අවශේෂ අදටත් අප තුළ පවතී.

අප රටෙහි වන විවිධ ජාතීන් එකම ජාතියක් ලෙසින් එකිනෙකා වැලඳගනිමින් සමාජීය සහ දේශපාලනික බෙදීම් අතහැර දමන තාක් කල් අපගේ නිදහස් අරගලය නිම නොවේ.

1948 නිදහස ලැබීමත් සමඟ රට තුළ ජනතාව අතර අභ්‍යන්තර ගැටුම් උද්ගත විය. සමාජීය දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් සිදුවුණු පසුබෑම හේතුවෙන් පුරවැසියන් රට අතහැර යාම බුද්ධි ගලනයට හේතු විය.

පසුගිය රජයට දොස් පැවරීම විනා රටේ පවතින ගැටලු හමුවේ නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික නායක්වය අපොහොසත් වීම හේතුවෙන් පසුගාමීත්වය තවත් තීව්‍ර විය. අද අපගේ ස්වාධීනත්වයට අභියෝගයක් වී ඇත්තේ සමාජීය, දේශපාලනික සහ ආර්ථිකමය කඩාවැටීම හා සමගාමී ව ප්‍රාග්ධන පලදායිතාවය අඩුවීම හේතුවෙන් ණය බර ඉහළ යාමයි. මෙය අප ජීවත් විය යුතු ආකාරය පිළිබඳ බලපෑම් කිරීමට කලාපීය හෝ ගෝලීය බලවතුන්හට අපගේ නිදහස යටපත් කර දීමකි.

සැබෑ ස්වාධීනත්වය යනු අපට අහිමි නිදහස, ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව, අභ්‍යන්තර සහජීවනය, ලදායිතාව සහ සාමයෙහි අතුරු ඵලයකි.

සමාජ ධ්‍රැවීකරණය, වර්ගවාදය සහ අනිසි කළමනාකරණය පිළිබඳ අභ්‍යන්තර තර්ජන හේතුවෙන් මෙය තවදුරටත් අභියෝගයට ලක් වේ. භූදේශපාලනය, ගෝලීයකරණය සහ දේශගුණික විපර්යාස යන අභියෝගයන්ගෙන් අපට බාහිර වශයෙන් තර්ජනයක් එල්ල වී තිබේ. මෙම අභියෝගයන් ජය ගැනීම උදෙසා සියලු පුරවැසියන් සහ රජය එක්ව සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුය.

භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, අභ්‍යන්තර ආරක්ෂාව සහ සාමය පවත්වා ගැනීම පිළිබඳව අපගේ හමුදාවට සහ පොලිසියට අපි ආචාර පුදකරමු. පුරවැසියන් මෙන්ම රජය විසින් ජනතාව අතර අන්‍යේන්‍යෙ විශ්වාසය හා අවබෝධය ගොඩනඟා ගැනීමෙන් සහ රජය විසින් රාජ්‍ය වගකීම් නිසි ලෙස ඉටුකිරීමෙන් ඔවුන් මහන්සියෙන් කැපවීමෙන් උපයා ගත් රාජ්‍ය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරගත යුතුය .

සාමකාමී ස්වාධීන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කරගත් අපගේ අරගලය අඛණ්ඩව කරගෙන යාම සඳහා ජාතික ෂූරා කවුන්සිලය මෙරට කාන්තාවන් සහ පිරිමින් සමඟ අත්වැල් බැඳගෙන සිටියි. අපගේ ස්වාධීනත්වය වෙනුවෙන් නොසැලී නැඟී සිටීම වෙනුනේ අපේ රටවැසියන්ට, කාන්තාවන්ට, ත්‍රිවිධ හමුදාවට සහ රජයට අපි සුබ පතන්නෙමු.

මෙම 72 වන නිදහස් දිනයේදී, අපි පුරවැසියන්ගෙන් සහ රාජ්‍යයෙන් ඉල්ලා සිටින්නේ අතීතයට දොස් පැවරීමෙන් වැළකී සිටීමට අධිෂ්ඨානයක් ඇති කර ගන්නා ලෙසයි. නමුත් අපගේ අනාගතය එකිනෙකා වෙන් කොට සැලකීමෙන් තොරව එකිනෙකා වැලඳගෙන එකම ජාතියක් ලෙස සිතීමට අධිෂ්ඨාන කර ගන්න.

flood safety.jpeg active dmu