• NSC Events
    NSC Events

    Media Brainstorming Session held on 07/06/2018 in Colombo

  • Regional visit
    Regional visit

    Visit to Thihariya on Promoting Concept of Shoora 

  • Drug Eradication
    Drug Eradication

    Drug Eradication Consultation with Professionals followed by the formation of Drug Eradication Task Team on 05/05/2018

  • Regional Visit - Badulla
    Regional Visit - Badulla

    NSC Regional Visti to Badulla 04th of May 2018

National Shoora Councilජාතික වශයෙන් සම්බන්ධතා ඇති මුස්ලිම් සංවිධාන 18 ක හා තවත් ප්‍රධානපෙළේ පුද්ගලයින් බොහොමයක එකමුතුවක් වූ ජාතික ෂුරා සභාව, 2019ක්වු අප්‍රියෙල් මස 21 වැනි පාස්කු ඉරිදා දින දෙව්මැදුරු තුනක, සංචාරක හෝටල් තුනක හා අනෙකුත් තැන් කිහිපයක සිදුකරන ලද බෝම්බ පිපිරීම් මෙන්ම අනෙකුත් සාහසික හා නිවට ක්‍රියාවන් ඉතා දැඩිලෙස පිළිකුලෙන් හෙලා දකියි.

මෙයින් පීඩාවට පත් පවුල්වලට මෙන්ම කිතුනු සහෝදරවරුන් වෙත ඔවුන්ගෙන් අහිමි වූ ජීවිත පිළිබඳව හා තුවාල වූ පිරිස වෙත අපගේ බලවත් ශෝකය දන්වා සිටින්නෙමු. තුවාල වූ අයට ඉතා සීඝ්‍රයෙන් සුවය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ජාතික ආර්ථිකය විනාශයටපත් කරමින් හා වාර්ගික/ආගමික ගැටුම් ඇති කිරීමේ බීජ වැපිරීම අරමුණු කොට ගත් මෙම ම්ලේච්ඡ ක්‍රියාව නැවතත් දැඩි ලෙස හෙලාදකින්නෙමු.

සැබවින් ම මෙම සාහසික ක්‍රියාවන් හි යෙදුනු පිරිස අප මාතෘ භුමියේ ගොඩනැඟී එන ආර්ථිකය හා උද්යෝගයෙන් සැකසෙමින් පවතින ජාතික සංහිඳියාව බිඳ දැමීමට ඉදිරිපත් වූ අප රටේ සතුරන් ය. සිදුකළ විනාශය මෙන්ම ඒ සඳහා යොදාගත් ක්‍රමවේදය දෙස අවධානය යොමු කිරීමේ දී දකින්නට ඇත්තේ මෙම ක්‍රියාවේ කර්තෘවරුන් අපේක්ෂා කොට ඇත්තේ පශ්චාත් යුද සමයේ බිහිවෙමින් තිබු සාමකාමී පරිසරය මෙන්ම සංවර්ධන ක්‍රියාවන් අඩපන කිරීම බව පැහැදිලිය.

ජාතික ෂුරා සභාව මෙම අවස්ථාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෲර ක්‍රියාවට සම්බන්ධ සියල්ලන් නීතිය ඉදිරියට පමුණුවා ඔවුන්ගේ තරාතිරම නොබලා කටයුතු කරන ලෙසය.

තව ද, මෙම අභියෝගාත්මක අවස්ථාවේ සාමය ස්ථාපිත කොට කටයුතු කිරීම පිණිස ජාතික ෂුරා සභාව වගකිවයුතු සියල්ලන් වෙත තම පුර්ණ සහය මෙම අවස්ථාවේ දී ලබා දීමට ඉදිරපත් වී සිටියි.

ජාතික ෂුරා සභාව මෙම අවස්ථාවේ දී සියළුම රටවැසියන් ගෙන් ආයාචනය කොට සිටින්නේ කිතුනු සහෝදරවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම සාහසික ක්‍රියාව ඉදිරියේ එකම සහෝදර පිරිසක් ලෙස එක්සත්ව කටයුතු කරන්නට ඉදිරිපත් වන ලෙසය.

රට අස්තාව කරමින් ආර්ථිකයට හානි කරමින් සිදු කරන ලද මෙම ම්ලේච්ඡ ක්‍රියාව පරාජයට පත් කිරීම පිණිස එකම සහෝදර පිරිසක් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

ටාරික් මහ්මුද්
සභාපති
ජාතික ෂුරා සභා

 

flood safety.jpeg active dmu